ජාතික අධ්‍යාපන ආයතනය

Skip Navigation Links

සාමාන්‍ය තොරතුරු

හැඳින්වීම

ජාතික අධ්‍යාපන ආයතනය පොදු අධ්‍යාපනය දියුණු කිරීම සඳහා නායකත්වය දරන ශ්‍රී ලංකාවේ මූලික ආයතනය වන අතර, උක්ත නායකත්වය සැපයිමේදී පහත සඳහන් ගුණාංග කෙරෙහි අවධානය යොමු කෙරේ.

ගුණාත්මක බව

සාධාරණබව හා

බහු වාර්ගික සමාජයකට අදාළ වීම

පහත සඳහන් කාර්යයන් මෙම ආයතනය සඳහා අනිවාර්ය කොට ඇත.

ගුරු අධ්‍යාපනය සම්බන්ධ විෂය නිර්දේශ සැලසුම් කිරීම හා සංවර්ධනය කිරීම..

අධ්‍යාපන ප්‍රජාව සඳහා වෘත්තීය සංවර්ධනය සැපයීම

පර්යේෂණ හා නවෝත්පාදනය මඟින් වෙනස් වීම්වල දී පෙරමුණ ගැනීම.

 

ස්ථාපනය

1985 අංක 28 දරන ජාතික අධ්‍යාපන ආයතන පනතේ විධිවිධාන අනුව 1986 ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන ආයතනය ස්ථාපනය කරන ද අතර අංක 255 බෞද්ධාලෝක මාවතේ කොළඹ 07 ස්ථානයේ මූලික වැඩ කටයුතු ආරම්භ කරන ලදී. ජාතිකඅධ්‍යාපන ආයතනය ස්ථාපනය කිරීමේ ප්‍රධාන අරමුණ වූයේ මෙහි පහත සඳහන් කාර්යයන් සඳහා අසහාය ආයතනයක් බිහි කිරීමයි.

අධ්‍යාපනික කළමනාකරුවන්ගේ, ගුරු පුහුණු නිලධාරීන්ගේ හා ගුරුවරුන්ගේ හැකියා ධාරිතාව ගොඩ නැගීමත්, පාසල් විෂය නිර්දේශ නිර්මාණය කර සංවර්ධනය කිරීමත්, අධ්‍යාපනය සම්බන්ධව ප්‍රතිපත්තිමය පර්යේෂණ පැවැත්වීමත් මෙහි අපේක්ෂාවයි.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සංවර්ධනය සම්බන්ධ කටයුතු පිළිබද ඇමතිතුමාට උපදෙස් දීම ජාතික අධ්‍යාපන ආයතනයෙහි අනිවාර්ය කාර්යයක් කරන ලදී.

ඉහත සඳහන් පනතේ දක්වන පරිදි ආයතනයේ අරමුණු මෙහි පහත දැක්වේ.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සංවර්ධනය කිරීමට අදාළ සැලසුම්, වැඩසටහන් හා ක්‍රියාකාරකම් ගැන ඇමතිතුමාට උපදෙස් දීම.

අධ්‍යාපන ක්ෂේත්‍රෙයේ විශේෂඥ අංශ සම්බන්ධයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපනය සැපයීම හා ප්‍රවර්ධනය කිරීම.

අධ්‍යාපන ක්‍රමයේ ගුණාංග වන සාධනය අරමුණු, ව්‍යුහ අන්තර්ගතය ක්‍රමවේද හා සාමාජීය හා ආර්ථික හා අධ්‍යාපනය සම්බන්ධ අංග හා වෙනත් කරුණු සම්බන්ධව අධ්‍යයන පැවැත්වීම හා ප්‍රවර්ධනය කරවිම.

අධ්‍යාපන අරමුණු සඳහා තාක්ෂණය උපයෝජනය කිරීම ඇතුළු අධ්‍යාපන ක්‍රමයට නවෝත්පාදන භාවිතයක් ආරම්භ කිරීම හා ප්‍රවර්ධනය කිරීම.

අධ්‍යාපන ක්‍රමයේ සේවය කරන්නන්ගේ වෘත්තීය හා සාමාන්යි හැකියාවන් දියුණු කිරීම හා සැලසුම් කිරීම.

අධ්‍යාපන ක්‍රමයේ සේවය කරන්නන්ගේ වෘත්තීය හා සාමාන්යි හැකියාවන් දියුණු කිරීම හා සැලසුම් කිරීම.
අධ්‍යාපන සම්බන්ධ විශේෂඥ සේවා රජයට හා වෙනත් පිලිගත් සංවිධාන වලට ලබා ගැනීමට අවස්ථාව ලබා දීම.
ඇමතිතුමා විසින් අනුමත කරන ලද අධ්යාණපන සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
සමාන අරමුණු ඇති වෙනත් ආයතන සමඟ සම්බන්ධීකරණය.

සංයුක්ත අරමුණු

දේශීය හා ගෝලීය ඉල්ලුමට මුහුණ පෑමට හැකියාවක් ඇති ඵලදායී රටවැසියන් බිහි කිරීම සඳහා සමබර විෂය නිර්දේශ මඟින් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම තහවුරු කිරීම.

අධ්‍යාපන සංවර්ධනය සඳහා නායකත්වය සැපයීම සඳහා වෘත්තිකයන්ගේ හැකියා ධාරිතාව ගොඩ නැගීම.

ප්‍රතිපත්ති සම්පාදනය කිරීම හා අධ්‍යාපන ය සම්බන්ධ භාවිතයන් වැඩි දියුණු කිරීමට ආධාර කිරීම සඳහා විද්‍යාත්මක තොරතුරු පදනමක් ස්ථාපිත කිරීම.

නවීන තාක්ෂණ ක්‍රම භාවිත කිරීම මඟින් සම්පූර්ණ අධ්‍යාපනික වැඩි දියුණුවට ආධාර කිරීම.

අධ්‍යාපන ක්‍රමයේ නවෝත්පාදිත සහභාගීත්වක්‍රම යෙදීම මඟින් ආර්ථික, සාමාජීය හා සංස්කෘතික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම.

පරිපාලනය හා සංවර්ධනය සම්බන්ධ ව ජාතික අධ්‍යාපන ආයතනය මිත්‍රශීලී අධ්‍යාපනික ආයතනයක් ලෙස සංවර්ධනය කිරීම.

ප්‍රජාතන්ත්‍රවාදය හා මානව සාරධර්ම සදාකාලික ව හා තිරසාරව පවතින ළමා මිතුරු පාසල් හා ගුරු පාසල් සංවර්ධනය කිරීම.


ඉහත සඳහන් අරමුණු සපුරාලීම සඳහා ද ආයතනයේ කාර්යක්ෂමතාව සහතික කිරීම සඳහා ද ජාතික අධ්‍යාපන ආයතනයේ ව්‍යුහයෙහි පහත සඳහන් ලෙස සම්පාදනය කර ඇත.

ප්‍රතිසංවිධාන වැඩපිලිවෙල යටතේ අධ්යකයන ක්‍රියාවලීන් සඳහා පීඨ සතරක් ස්ථාපනය කිරීම.

ඒ සමඟම ක්‍රම සම්පාදන, පර්යේෂණ හා පරිපාලන ක්‍රියාවලීන් සඳහා අංශ දෙකක් ස්ථාපනය කිරීම.

ලේඛම් කාර්යාලයක් හා අධ්‍යක්ෂ ජෙනරාල් උපදෙස් දීමේ උපදේශක මණ්ඩලයක් ඇත.විභාග ඒකකය හා අභ්‍යන්තර විගණන ඒකකය ඍජුව ම පාලනය වන්නේ අධ්‍යක්ෂ ජනරාල් යටතේ ය.

සංයුක්ත අගයයන්

සංස්ථාපිත ආයතනයක් වශයෙන් ජාතික අධ්‍යාපන ආයතනය සමාන ආයතන සමඟ වෘත්තීය සමගිය හා සංශක්තිය ප්‍රවර්ධනය කරන අතර පහත සඳහන් ගුණාංග ද ඇතුළත් කිරීම උත්සාහ කරයි.

පෞද්ගලික නිපුනතා හා කාර්ය සාධනය පිලිගැනීමෙන් සියලු ම සාමාජිකයන්ට ආයතනයට අයිති බවත් ලබා දීමෙන් ඔවුන් ස්වයං අභිප්‍රේරණයට හා සෑහීමට පත් කිරීම.

ආයතනයේ සෑම සාමාජිකයෙකුටම යුක්ති සහගත හා සාධාරණව සම සමව සැලකීම හා පෞද්ගලික හැකියා ප්‍රවර්ධනය කිරීමෙන් ස්වයං සංවර්ධනය දිරිමත් කිරීම.

මෙයටප්‍රතික්‍රියාවක් වශයෙන් ආයතනයේ සාමාජිකයන්ගෙන් උසස් තත්වයේ ස්වයං පාලන හා ආයතනයට හිතෛෂි බවක් සමඟ පෞද්ගලික හා සාමූහික ඉතාමත් අවංක වගවීම හා වගකීම බලාපොරොත්තු වේ.

වෙනස්වීම්වලට අනුකූල වීම වඩාත් පහසු කිරීම සඳහා පූර්ව සක්‍රීය ක්‍රම සම්පාදනය හා සහභාගීත්ව පිවිසීම් යෙදවීම දිරිමත් කෙරේ.

පාරදෘශ්‍ය විනිවිදභාවය ඉතාමත් වැදගත් ලෙස සැලකීම.

සියළුම සාමාජිකයන් හැමවිටම ආයතනයේ ගරුත්වය පිළිබඳ ව සැලකිලිමත් වීම අවධාරණය කිරීම.

සාධනීය හා විවේචනාත්මක පරීක්ෂණ හා සංවිධාන සංවර්ධනය සඳහා සාධනීය පිවිසීම් හැමවිටම දිරි ගැන්වීම.

ජාතික අධ්‍යාපන ආයතනය රාජ්‍ය සංස්ථාවක් නිසා මහජනයා සමඟ ඉතාමත් සමීප සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා එය අරමුණු හා සැලසුම් සහගත නිරන්තර මහජන සම්බන්ධතා පිවිසීම් මත විශ්වාසය තබා ගනී.

ඒ සමඟ ම තත්කාලීන ගෝලිය විපර්යාස සමඟ එක්ව සිටීම සඳහාත් වඩා පුළුල් ලෙස පිළිගැනීම සඳහා ඉතා ශක්තිමත් බාහිර සම්බන්ධතා ඇති කර ගැනිමටත් උත්සාහ කරයි

පරාවර්තන ක්‍රියාකාරකම් මඟින් නිරන්තර වැඩි දියුණුව ආයතනයේ ප්‍රධාන බලාපොරොත්තුවක්ව පවතී.

රාජ්‍ය සංස්ථාවක් වීමට අමතරව ජාතික අධ්‍යාපන ආයතනය අධ්‍යාපනික ව්‍යවසාය අතර තරඟකාරී බවක් දක්වන නිසා එය අ‍ලවි කල හැකි නිෂ්පාදන හා අලෙවි කිරීම සම්බන්ධයෙන් සැලකිලිමත්ව සිටී.

මේ අනුව මෙකී නිෂ්පාදන හා සේවාවල උසස් ගුණාත්මක බව හා තරඟකාරී බව සම්බන්ධව සිටී.

මෙහෙවර ප්‍රකාශයේ ගම්යන අරමුණු මෙහි පහත සඳහන් සංයුක්ත හා ක්‍රියාත්මක මට්ටමේ අරමුණු මඟින් සවිස්තරාත්මකව දක්වා ඇත.

රාජ්‍ය සංස්ථාවක් වීමට අමතරව ජාතික අධ්‍යාපන ආයතනය අධ්‍යාපන ක්ෂේත්‍රෙය් තරඟකාරී ව්‍යවසායකි.ඒ අනුව ජාතික අධ්‍යාපන ආයතන අලෙවිය හා අලෙවි කල හැකි නිෂ්පාදන නිපදවීම සම්බන්ධව සැලකිලිමත් වේ. ඒ නයින් බලන කල සිය නිෂ්පාදන හා සේවාවල උසස් ගුණාත්මක තත්වය හා තරඟකාරී බව ගැන ජාතික අධ්‍යාපන ආයතනය විශේෂ සැලකිල්ලක් දක්වයි.

මෙහෙවර ප්‍රකාශයේ ගම්‍ය ව සඳහන් වන අරමුණ මෙහි පහත සඳහන් සංයුක්ත හා ක්‍රියාත්මක මට්ටමේ අරමුණුවල සවිස්තරාත්මකව දැක්වේ.


© 2023 - Department of IT, National Institute of Education, P.O. Box 21, High Level Road, Maharagama, Sri Lanka