ගණිතය දෙපාර්තමේන්තුව
 |
නම | කේ. ආර්. පද්මසිරි මයා. |
තනතුර | අධ්‍යක්ෂ |
දුරකථන අංකය | +94-11-7601860 |
ෆැක්ස් අංකය | |
විද්‍යුත් තැපෑල | [email protected] |
|
කාර්යමණ්ඩලය
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි හදවත ලෙස අපට හඳුන්වා දිය හැක්කේ ජාතික අධ්‍යාපන ආයතනයයි. මෙමඟින් රටේ මහඟු අවශ්‍යතාවක් වූ අධ්‍යාපන විෂය නිර්දේශ යාවත්කාලීන කිරීම පමණක් නොව ඉගෙනුම් ඉගැන්වීම් කාර්යාවලියේ කාර්ය සාධකත්වය ඉහළ නංවා ඔප් ගැන්වීම ද පාඨමාලා වැඩසටහන් ආශ්‍රයෙන් සිදුවේ. මෙවැනි කටයුතු සපුරාලීමේ දී ගණිත අංශය ප්‍රධාන කාර්යභාර්යක් උසුලයි. ගණිත අංශයේ වගකීමක් ලෙස 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණියේ දක්වා ම විෂය නිර්දේශ සංවර්ධන මෙවලම් ලෙස ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ හා විෂය මාලා සැකසීම සිදුවේ. එමෙන් තව දුරටත් මෙකී සම්පත් විද්‍යුත් තොරතුරු මාධ්‍යයෙන් ඉගෙනුම් මෙවලම් ලෙස ද බිහිකර ඇත.
මෙම අංශය මඟින් ඉටුකර ඇති තවත් වැදගත් මෙහෙයක් වනුයේ ගණිත විෂයයෙහි ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීම පිණිස ගණිතය පිළිබඳ පර්යේෂණ කටයුතු සිදුකිරීමයි.
ගණිත විෂයෙහි සංවර්ධන ධාරිතාව වැඩි කිරීම පිණිස දායක වන්නන් අතරට ගණිත ගුරු උපදේශකවරුන් සහ ගණිත ගුරුවරුන් මෙම දෙපාර්තමේන්තුව මඟින් මහත් වගකීමක් ඉටු කරයි. ගණිත උපදේශකවරුන් සහ ගණිත ගුරුවරුන් මෙම ගණිත විෂයයෙහි සංවර්ධන ධාරිතාව තර කිරීම පිණිස මෙම දෙපාර්තමේන්තුව හරහා මහඟු වගකීමක් ඉටුකරන්නාවු තවත් සම්පතකි. තව දුරටත් මෙම විෂය නිර්දේශ සංවර්ධන කටයුතු ඉටුකිරීම සඳහා ගණිත පාඨමාලාඋපයෝගී කර ගෙන ඇත්තේ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ, ගුරු අභ්‍යාස විද්‍යාල හරහායි. තවද මෙම ගණිත දෙපාර්තමේන්තුව, තාක්ෂණ දෙපාර්තමේන්තුව, විද්‍යාව දෙපාර්තමේන්තුව සහ සංවර්ධන දෙපාර්තමේන්තුවේ ද සහය ඇතිව මෙම කටයුතු සාර්ථකව ඉටුකරගෙන ඇත. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහය මෙහිදී ද අගය කළ හැකිය. එමෙන්ම ගණිත අධ්‍යාපනය පිළිබඳ එම විෂයේ ගුණාත්මක සංවර්ධනය සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ, විභාග දෙපාර්තමේන්තුව ද මහත් කාර්යභාරයක් උසුලයි.
ප්‍රධාන අරමුණු
6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා ගණිත විෂය නිර්දේශ ද්‍රව්‍ය, ගණිතය ඉගැන්වීමේ ක්‍රමවේදය, ඇගයීම් කටයුතු ආදිය යාවත්කාලීන කිරීම හා තත්ත්වය ඉහල නැංවීම.
6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා ගණිත විෂයෙහි ඉගැන්වීමේ ක්‍රියාවලියෙහි ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම.
2016 වර්ෂය සඳහා අපගේ ක්‍රියාකාරකම්
අ. පො. ස. සා/පෙළ ගණිත විෂයෙහි සාමාර්ථයම අනුපාතය වැඩි කර ගැනීම සහ ගණිත විෂයෙහි ඉගෙනුම ඉගැන්වීම් ක්‍රියාවලියේ ශක්තීන් වැඩි දියුණු කිරීම සඳහා
සිසුනට ගණිත විෂය හැදෑරීම පහසු කරලීම සඳහා උපයෝගිතා මෙවලම් සැකසීම
උපකාරක වැඩසටහන් හරහා ශක්තීන් වැඩි දියුණු කිරීම
තෝරාගත් නියැදි දෙවර්ගයක් සඳහා මැදිහත්වීම් කටයුතු කිරීම
ව්‍යාපෘති නායක :- ජී. එල්. කරුණාරත්න මයා
වගකීම් භාර නිලධාරි:- සී. සුතේසන් මයා
6 – 11 ශ්‍රේණිවල ගණිත විශය මාලාව තාර්කීකරණය සහ ගුරු උපදේශක හැකියා ධාරිතාව වැඩි දියුණු කිරීම
9 ශ්‍රේණිය සඳහා ගුරුමාර්ගෝපදේශ සැකසීම
ව්‍යාපෘති නායක :- ජී. පී. එච්. කරුණාරත්න මයා
වගකීම් භාර නිලධාරි:- සී. සුතේසන්මයා
විෂය භාර අධ්‍යක්ෂ, විශේෂ ගුරුවරුන් විෂය, සහ ගණිත ගුරු උපදේශක වරුන්ගේ හැකියා ධාරිතා වැඩි දියුණු කිරීමේ කටයුතු සැලසීම
ව්‍යාපෘති නායක :- ජී. පී. එච්. ජගත් කුමාර මයා
තාර්කීකරණය කරන ලද 6, 10 ශ්‍රේණි විෂය මාලාවේ නියාමන හා ඇගයීම අධ්‍යයන කටයුතු මෙහෙයවීම.
ව්‍යාපෘති නායක :- ජී. පී. එච්. ජගත් කුමාර මයා
වගකීම් භාර නිලධාරි (දෙමළ) :- පී. විජයකුමාර
10 ශ්‍රේණිය හා 11 ශ්‍රේණි ගණිත විෂය සඳහා අත්‍යාවශ්‍ය ඉගෙනුම් සංකල්ප සූදානම් කිරීම
ව්‍යාපෘති නායක :- ජී. පී. එච්. ජගත් කුමාර මයා.
වගකීම් භාර නිලධාරි (දෙමළ) :- පී. විජයකුමාර
2015 අ. පො. ස. (සා.පෙළ) ගණිත ප්‍රශ්ණ පත්‍ර පිළිබඳ අධ්‍යනය
පර්යේෂණ යෝජනා සැකසීම
පර්යේෂණ මෙවලම් සැකසීම
දත්ත එක්රැස් කිරීම
පර්යේෂණ වාර්තා ලිවීම
ව්‍යාපෘති නායක :- ජී. පී. එච්. ජගත් කුමාර මයා
වගකීම් භාර නිලධාරි (දෙමළ) :- පී. විජයකුමාර
12 සහ 13 ශ්‍රේණිවල ගණිත විෂය නිර්දේශය තාර්කීකරණය කිරීම
13 ශ්‍රේණිය සදහා ගුරු මාර්ගෝපදේශ සැකසීම
අ. පො. ස. (උ.පෙළ) ගුරුවරුන්ගේ ධාරිතා සංවර්ධනය සඳහා වැඩසටහන්
තෝරාගත් විදේශ රටවල් 3ක ගණිත විෂය නිර්දේශ සමඟ ශ්‍රී ලාංකික ගණිත විෂය නිර්දේශ තුලනාත්මක අධ්‍යයනය කිරීම
ගණිත විෂය සිසුන් අතර ජනප්‍රිය කරවීම
ජාතික අධ්‍යාපන ආයතනයේ ගණිත අංශයේ නිලධාරින්ගේ පර්යේෂණ නිපුණතා වැඩි දියුණු කිරීම
අ. පො. ස. (උ.පෙළ) සංයුක්ත ගණිත විෂය සඳහා දෘෂ්‍ය තැටි සැකසුම
ව්‍යාපෘති නායක:- එස් රාජේන්ද්‍රන්මයා
ගණිත විෂය ඉගැන්වීම සදහා උසස් මට්ටමේ සහතික පත්‍ර පාඨමාලාවක් බිහි කිරීම.
උසස් මට්ටමේ සහතික සහිත පාඨමාලාවේ පළමුවන කණ්ඩායම 2015 බඳවා ගැනීම.
පුහුණු මෙවලම් සැකසුම
දෙවන කණ්ඩායම 2016 බඳවා ගැනීම.
ව්‍යාපෘති නායක :- එම්. එන්. පී. පීරිස් මිය.
වගකීම් භාර නිලධාරි (දෙමල) :- පී. විජයකුමාර
අ. පො. ස. (සා.පෙළ) ගණිත විෂයේ අසමර්ථතාවයට හේතු වූ සාධක සෙවීමේ අධ්‍යයනය
පර්යේෂණ හා යෝජනා සූදානම
පර්යේෂණ හා මෙවලම් සූදානම
දත්ත එක්රැස්කරන්නන් සඳහා පුහුණු වැඩසටහන් පවත්වා ගෙන යෑම.
දත්ත එක්රැස් කිරීම
දත්ත විශලේෂණය
පර්යේෂණ වාර්තා ලිවීම
ව්‍යාපෘති නායක :- කේ. කේ. වී. එස්. කංකානමගේ
වගකීම් භාර නිලධාරි (දෙමළ) :- පී. විජයකුමාර
ගණිත විෂය හැදෑරීමේ ජාතික සංසදය
වැඩසටහන් සැකසීම
අදාළ තොරතුරු ගොනු කිරීම
සඟරාවක් නිර්මාණය කිරීම
ජාතික සංසදයක් සංවිධනය කිරීම
ව්‍යාපෘති නායක:- කේ. කේ. වී. එස්. කංකානමගේ
වගකීම් භාර නිලධාරි (දෙමල) :- සී. සුතේසන්
ප්‍රකාශිත ග්‍රන්ථ
6 විෂය නිර්දේෂය
7 විෂය නිර්දේෂය
10 විෂය නිර්දේෂය
11 විෂය නිර්දේෂය
මාර්ගෝපදේශ
6 ශ්‍රේණිය
7 ශ්‍රේණිය
10 ශ්‍රේණිය
11 ශ්‍රේණිය
ආශ්‍රිත ග්‍රන්ථ
1.ජ්‍යාමිතිය-1 (සිංහල, දෙමළ)
2. ජ්‍යාමිතිය-1 (සිංහල, දෙමළ)
3. ආධුනිකයින් සඳහා මූලික පාඨමාලාව අ. පො. ස. උ/පෙ ගණිත විෂය (සිංහල/ දෙමළ/ඉංග්‍රීසි)
4. ගුරු පුහුණු උපදෙස් සංග්‍රහය - අ. පො. ස. උ/පෙ සංයුක්ත ගණිතය
5. ගණිත සම්පත් අත්පොත ‘ඉගෙනුම් ගොනුව’
6. සම්පත් අත්පොත(ඒකක 21) - සංයුක්ත ගණිතය 12 හා 13 ශ්‍රේණි සදහා(සිංහල/ දෙමළ/ඉංග්‍රීසි)
7. ගණිත රචනා පොත සංඛ්‍යානය(සිංහල, දෙමළ)
8. ගණිත රචනා පොත - මිනුම් (සිංහල, දෙමළ)
9.ගණිත රචනා පොත- වීජ ගණිතය (සිංහල, දෙමළ)
10. ගණිත රචනා පොත - ජ්‍යාමිතිය (සිංහල, දෙමළ)
11. ගණිත රචනා පොත - කුලක හා සම්භාවිතාව (සිංහල, දෙමළ)
12. ගණිත රචනා පොත සංඛ්‍යානය උ/පෙළ (සිංහල, දෙමළ)
13. ගණිත රචනා පොත වීජ ගණිතය උ/පෙළ (සිංහල, දෙමළ)
14. සම්භාවිතාව හා සංඛ්‍යානය උ/පෙළ (සිංහල, දෙමළ)
15. අ. පො. ස. උ/පෙ ගණිත ප්‍රශ්ණපත්‍ර