ජාතික අධ්‍යාපන ආයතනය

Skip Navigation Links

විවෘත පාසල් ඒකකය

කාර්යය මණ්ඩලය

නමතනතුරවිද්‍යුත් තැපෑල
රසික බාලසූරිය මයාජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
එස්. දුනෙසින් මයා.ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආර්. එම්. එස්. අයි. විජේබණ්ඩාර මයා.සහාය කථිකාචාර්ය
ඒ.ඒ.සී.ඞී ප‍්‍රියදර්ශනී මියසහකාර කථිකාචාර්ය
ඩබිලිව්. එම්. එම්. පී. කේ. විජේකෝන් මිය.කළමණාකාර සහකාර - I
ඩී. ජේ. පණ්ඩිතරත්න මයා.කළමණාකාර සහකාර - II
ජී. එල්. ඩබිලිව්. ඩී. කුලතුංග මිය.කාර්යාල කාර්ය සහයක- III

හැඳින්වීම

නිදහස ලබා ගැනීමේ සිට අද දක්වා අධ්‍යාපනයට ප්‍රමුඛ අවධානයක් ලැබුන ද ඔවුන්ගේ විධිමත් අධ්‍යාපනය සම්පූර්ණ කිරීමේ ක්‍රියාවලියේ දී ළමයින් සියලු දෙනාට ම අධ්‍යාපන සම අවස්ථා ලබා දීම තහවුරු කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇත. මෙය ඉතාමත් පැහැදිලිව කැපී පෙනෙන්නේ පාසල් හැර යෑමේ ළමයින් සංඛ්‍යාව වේගයෙන් වැඩිවෙමින් පවතින නිසා ය. මෙසේ පාසල් හැර යෑම ළමයින් සමාජයේ ඉතාමත් අවාසිදායක වූද, කොන් කරන ලද්දා වුද පිරිසක් බවට පත්වීම පහසුවෙන් ම සිදුවිය හැකි වන අතර, ඉදිරියේ දී අනතුරට භාජනය විය හැකි වූ ද නොයෙක් වංචාවලටද ගොදුරු වන්නාවූ පිරිසක් වීමට ද ඉඩ තිබේ. දැනට පවතින ඉතා දරදඬු හා විධිමත් පාසල් ක්‍රමය මෙම පිරිස සමාජයේ නිර්මාණශීලී හා ඵලදායි පිරිසක් බවට පත් කිරීමට ද අපොහොසත් වී තිබේ.


විධිමත් අධ්‍යාපනය ක්‍රමයෙන් වාසියක් නො ලබන අයට අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාව සැපයීමේ ප්‍රශ්නයට විවෘත හා දුරස්ථ අධ්‍යාපනය ලැබීමේ විකල්ප විසඳුමක් විය හැකි ය. මේ ක්‍රමයට ආවේණික වූ වැඩි නිෂ්පාදනත්වයක් වැඩි න්‍යමතාවක් නිසා විවෘත හා දුරස්ථ ක්‍රමය මඟින් අවස්ථා පමණක් නොව ඉගෙන ගැනීමේ නිදහසත් විවිධ වර්ගයේ මනාපත් උපයෝගී කර ගැනීමට ද ඉඩ දෙයි. එහි ව්‍යුහයන් මගින් නම්‍යතාවන්ද අධ්‍යාපනික අවස්ථා අපේක්ෂකයන්ගේ නිවෙස්වල වුවද උපයෝගී කර ගැනිමේ හැකියාවන් නිර්මාණය කෙරේ. නවීන සන්නිවේදන තාක්ෂණයත් බහු නාළිකා ඉගෙන ගැනීමේ ක්‍රමයත් උසස් වර්ගයේ උපදේශන උපකරණත් යෙදවීම මඟින් විවෘත ඉගෙනීමේ ක්‍රමය සියලු දෙනාටම අධ්‍යාපනයත්, සහශ්‍ර වර්ෂයේ සංවර්ධනය අරමුණු සපුරාලීමත් හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ.


සංවර්ධනය වන්නාවු රටවල් වන ඉන්දියාව, බංගලිදේශය, ඉන්දුනීසියාව, නයිජීරියාව සහ තායිලන්තය වැනි රටවල් නොවිධිමත් ලෙස අඩු වියදමින් ඉතා නම්‍යශීලි ලෙස අධ්‍යාපනික අවස්ථා අනුව විවෘත පාසල් හඳුන්වා දී ඇත. උපායමාර්ග වලින් බාහිර කරුණක් සහ වැඩිහිටියන් සඳහා එමඟින් අධ්‍යාපනය ලබා දෙයි. ඉන්දියාවේ විවෘත පාසල් මඟින් ප්‍රාථමික, ද්විතික,ජ්‍යෙෂ්ඨ ද්විතික හා තෘතීය අධ්‍යාපනය සඳහා විවෘත පාසල් ප්‍රයෝජනයට ගනී. එමෙන්ම "වැඩ ලෝකය" සඳහා වෘත්තීය පාඨමාලා දෙක මෙහෙයවයි. මේ. අනුව විවෘත පාසල්ක්‍රමය අධ්‍යාපන අවශ්‍යතා සඳහා නව මඟින් වී ඇත. අනෙකුත් විධිමත් මෙන්ම අවිධිමත් ක්‍රම සමඟ සමාන්තරව සම්බන්ධ වි ඇත. අධ්‍යාපන අවශ්‍යතා සපුරා ගැනීම සදහා ජාතික අධ්‍යාපන ආයතනය මඟින්ද විවෘත පාසල්ක්‍රමය හඳුන්වා දීම සඳහා මූලික පියවර ගෙන ඇත. යෝජිත අධ්‍යාපනික අවස්ථා ලබාගත නොහැකි වූවනට තෘතිය අධ්‍යාපනය සපුරාගෙන එමගින් වෘත්තීය අවස්ථා ලබා ගැනීමටත්, රැකියා ලබා ගැනීමටත්, තම රැකියාව සාර්ථක කර ගැනීමටත් විවෘත පාසල් ප්‍රයෝජනවත් වේ.




© 2024 - Department of IT, National Institute of Education, P.O. Box 21, High Level Road, Maharagama, Sri Lanka