ජාතික අධ්‍යාපන ආයතනය

Skip Navigation Links
Special
Educational Links

ජාතික අධ්‍යාපන ආයතනය යනු බහුවිධ සමාජයකට සරිලන ප්‍රමිතියෙන් හා සමානාත්මතාවෙන් පිරිපුන් අධ්‍යාපනයක් සංවර්ධනය කිරීමෙහි ලා ජාතික වගකීම් ඉටු කරන්නා වූ විශිෂ්ට ආයතනයකි. මෙම ආයතනයේ නීත්‍යානුකූල සේවාවන් වනුයේ,

  • සාමාන්‍ය හා ගුරු අධ්‍යාපන විෂය නිර්දේශ සකස් කිරීම හා සංවර්ධනය කිරීම
  • අධ්‍යාපන ප්‍රජාව සඳහා වෘත්තීය සංවර්ධන අවස්ථා සලසා දීම
  • පර්යේෂණ හා ක්‍රමවේද මගින් අධ්‍යාපනයේ වෙනසක් ඇති කිරීමට පෙර ගමන්කරු වීම

1985 අංක 28 දරණ ජාතික අධ්‍යාපන ආයතන පනත අනුව 1986 වසරේදී ජාතික අධ්‍යාපන ආයතනය අංක 225, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 යන ස්ථානයේ සහ අංක 21, හයිලෙවල් පාර, මහරගම යන ස්ථානයේ ස්ථාපිත කරන ලදී. මෙම විශිෂ්ට ආයතනය රට තුළ ස්ථාපිත කරන ලද මූලික අරමුණ වූයේ ගුරුවරුන් හා ගුරු උපදේශකවරුන්ගේ ධාරිතා සංවර්ධනයට උරදීම, පාසල් විෂය නිර්දේශය සැකසීම සහ සංවර්ධනය කිරීම හා අධ්‍යාපන පර්යේෂණ ප්‍රතිපත්තියක් පවත්වා ගෙන යෑමයි.

අපගේ දැක්ම

බහුවාර්ගික මෙන්ම ගතික සමාජයකට අවශ්‍ය වන්නා වු ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා නායකත්වය සපයන විශිෂ්ට කේන්ද්‍රයක් බවට ආයතනය පත් කිරීම අපගේ දැක්ම වනු ඇත.

 

අපගේ මෙහෙවර

විෂයමාලා සංවර්ධනය, වෘත්තීය දක්ෂතා ඉහළ නැංවීම හා පර්යේෂණ කටයුතුවල නියැලීම මගින් අධුනිකයන් බලගන්වමින් ඔවුන්ගේ විභව්‍යතා අවබෝධ කර ගැනීමට සරිලන ගුණාත්මක අධ්‍යාපනයක් සැමට ලබා දෙමින් ශිෂ්ට සමාජයක් බිහි කරීම අපගේ මෙහෙවරයි.

 

dg

ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස 2020, මාර්තු මස 19වන දින වැඩ බාර ගන්නා ලදි.


© 2024 - Department of IT, National Institute of Education, P.O. Box 21, High Level Road, Maharagama, Sri Lanka